fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාන්ඩ්යාගේ වෛද්‍ය වාර්තා නිකුත් වෙයි ; ලැබුණු වෛද්‍ය උපදෙස් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 20, 2023 13:45

පාන්ඩ්යාගේ වෛද්‍ය වාර්තා නිකුත් වෙයි ; ලැබුණු වෛද්‍ය උපදෙස් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (19) බංග්ලදේශය සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ ඉන්දීය උප නායක හා තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට තවදුරටත් විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු අද දිනයේ දී ඉන්දීය කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සමග ධරම්ශාලා බලා පිටත්ව නොයන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

ඒ අනුව ඔහුට එළඹෙන 22 වැනිදා නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය අහිමි වනු ඇති.

ඔහු එංගලන්තය සමග එළඹෙන 29 වැනිදා පැවැත්වීමට නියමිත තරගය අරමුණු කර ගනිමින් ඉන්දීය සංචිතය සමග ලක්නව් හී දී එක්වීමට නියමිතව ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කළේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 20, 2023 13:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්