fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැනඩාව සිය රාජ්‍ය තාන්ත්‍රිකයින් 41ක් ඉන්දියාවෙන් ඉවත්කර ගනියි

hasiniek
By hasiniek ඔක්තෝබර් 20, 2023 13:33

කැනඩාව සිය රාජ්‍ය තාන්ත්‍රිකයින් 41ක් ඉන්දියාවෙන් ඉවත්කර ගනියි

කැනඩාව තම රාජ්‍ය තාන්ත්‍රිකයින් 41 දෙනෙකු ඉන්දියාවෙන් ඉවත්කරගෙන තිබෙනවා.

ඉන්දියාව හා කැනඩාව අතර පවත්නා මත භේදාත්මක ගැටුම් තවදුරටත් ඉහළ යාම රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත්කර ගැනීම හරහා පෙන්නුම් කරන බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.

මීට සති දෙකකට පමණ පෙරදී මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවත් කර ගන්නා ලෙස ඉන්දියාව කැනඩාවට දැනුම් දී තිබුණා.

එසේ නොවුවහොත් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සිදුවන බවයි ඉන්දියාව සදහන් කර ඇත්තේ.

පසුගිය ජුනි 18 වන දින කැනඩාවේදී සික් ජාතික නායකයෙකු වන හර්දීප් සිං ඝාතනය පිටුපස ඉන්දීය රජය පසුවන බව කැනඩා අග්‍රාමාත්‍යවරයා සදහන් කිරීමත් සමග දෙරට අතර මතභේදාත්මක ගැටුම් ආරම්භ වුණා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 20, 2023 13:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්