UNICEF නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්
Related Articles
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (20) දින පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වී තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා UNICEF සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරුද ජාතික ජනබලවේගය වෙනුවෙන් ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර සහෝදරවරු සමග අනුර කුමාර දිසානායක මහතාද එක්ව සිටියා.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්ගේ පෝෂණ මට්ටම්වල ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.
එමෙන්ම UNICEF සංවිධානය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානය විසින් පැහැදිලි කර තිබෙනවා.