fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර

hasiniek
By hasiniek ඔක්තෝබර් 20, 2023 10:17

විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර

විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමට අනුවයි.

එම විදුලි ගාස්තු වැඩිවීම අද සිට 2024 වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු වන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඒකක 0 -30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150 සිට රු. 180 දක්වා වැඩිකර තිබෙනවා.

එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12ක් .

ඒකක 31 සිට – 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 සිට රු.360 දක්වාඉහළ දමා තිබෙනවා.

එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30ක්.

ඒකක 61ත් 90 ක් අතර රු. 400 සිට රු.480 දක්වාත්, 91ත් 120ත් අතර රු.1,000 සිට රු.1,180 දක්වාත්, ඒකක 121ත් 180ත් අතර රු.1,500 සිට රු.1,770 සහ ඒකක 180 කට වඩා වැඩි නම් රු. 2,000 සිට රු. 2,360 දක්වාත් ස්ථාවර ගාස්තු වැඩි කර තිබෙනවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 20, 2023 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්