fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙටා සමාගම ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිලිබඳ මත පළ කිරීම සීමා ‌කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 13:07

මෙටා සමාගම ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිලිබඳ මත පළ කිරීම සීමා ‌කරයි

මෙටා සමාගම මඟින් ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිලිබඳ මත පළ කිරීම් සීමා කිරීමට තාවකාලික පියවරක් හඳුන්වා දී තිබෙනවා.

ෆේස්බුක් සඳහා මෙම තාවකාලික සීමාව පනවා ඇති අතර, එහිදී අදහස් පළකිරීම සඳහා ලබාදී ඇති පෙර සැකසුම් ( Default settings) වල වෙනස් කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එමඟින් යමෙකු පළකරන Post එකකට ෆේස්බුක් මිතුරන්ට සහ අනුගමනය (Follow ) කරන්නන්ට පමණක් අදහස් පළ කිරීමට අවසර හිමි වනවා.

මෙටා ආයතනය නිවේදනය කරන්නේ පරිශීලකයින්ට ඕනෑම වෙලාවක ඉන් ඉවත් වීමට සහ සැකසීම් වෙනස් කිරීමට හැකි බවයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 13:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්