fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රීලනිපයේ සහාය පලස්තීනයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 11:43

ශ්‍රීලනිපයේ සහාය පලස්තීනයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පලස්තීනයට පක්ෂපාතී වන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

කෙසේ වෙතත් ජගත් සංවිධානය මැදිහත් වු ගැටලුව නිරාකරණය කළ යුතු බවයි ඒ මහතා පවසන්නේ.

ඊශ්‍රායල පලස්තීන ගැටුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා.

ඒ පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ මොහාන් සමරනායක යන මහත්වරුන් මෙහිදී දෙසුම් පැවැත්වූවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාද මෙම වැඩසටහනට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්