fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට කඩිනමින්ම එළඹිය හැකියි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 11:29

IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට කඩිනමින්ම එළඹිය හැකියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට කඩිනමින්ම එළඹිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මොරොක්කෝවේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලදී මෙරට ආර්ථිකයේ ප්‍රකෘත්තිය මෙන්ම තිරසරභාවය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

එම කටයුතු වඩාත් වේගවත් කිරීමට අවශ්‍ය සහාය වැඩි කර ගැනීම පිළිබඳ එම සාකච්ඡාවලදී ප්‍රමුඛත්වය ලැබුණු බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ද මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ පැවති සාකච්ඡාවකදී ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ චීනය , ඉන්දියාව, පැරිස් සමාජය මෙන්ම විදේශීය බැදුම්කර හිමියන් වෙත ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කොන්දේසි එකඟ කර ගැනීම පිළිබඳව ද අවසන් සාකච්ඡා සිදුකෙරෙමින් පවතිනවා.

චීන එක්සිම් බැංකුව සමඟ තාවකාලික කොන්දේසිවලට එකගවීමෙන් පසු මේ වන විට අවධානය යොමුව ඇත්තේ 20%ක කප්පාදුවක් සහ නව යෝජනා ඉදිරිපත් කළ අනෙකුත් නිල ණය හිමියන් සමඟ සාකච්ඡා කර එකගතාවකට පැමිණි බව ද ශෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්