fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෘත්තීය දැනුමින් සවිබල ගැන්වීමට අවබෝධතා ගිවිසුමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 10:19

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෘත්තීය දැනුමින් සවිබල ගැන්වීමට අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෙනුවෙන් හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් සහ ප්‍රායෝගික දැනුමක් ලබා දෙමින් ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් සමගින් දෙස් විදෙස් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමේ අරමුණ ඇතිව ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුවා.

මෙම ගිවිසුම ශ්‍රී ලංකා රජය සහ ස්විස්ටර්ලන්ත රජය මැදිහත් වී අමාත්‍යාංශය යටතේ ඇති ජාතික යොවුන් සේනාංකයත්, ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමියත්, බවර්ස් (Baurs) ව්‍යාපාරික ආයතනයත් එකතු වී අත්සන් තැබූ අතර, අවබෝධතා ගිවිසුම අනුව මෙරට හෝටල් කර්මාන්තය සඳහා තරුණ තරුණියන් වෘත්තීය මට්ටමින් ශක්තිමත් කිරීමටද ඔවුන්ගේ පුහුණුවීම්හි වියදම දැරීමටද එකඟත්වය පළ කළා.

වෘත්තීමය අංශයෙන් තරුණ තරුණියන් ශකිතිමත් කිරීමේ අභියෝගයන්හි එක් ජයග්‍රාහී පියවරක් ලෙස මෙය හැදින්විය හැකියි.

ඒ සඳහා විශාල අත්වැලක් ශක්තියක් මෙම අවබෝධතා ගිවිසුම හරහා රටට ලැබී තිබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්තයේ නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස් මැතිතුමා, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්තයේ පළමු ලේකම් ඩොරිස් මැනෝර් මැතිණිය, බවර්ස් සමාගමේ (Baurs) කළමණාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරි රොල්ෆ් බ්ලාසර් මැතිතුමා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන් මහතා, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නිලන්ත ඒකනායක මහතා, එහි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් එක් වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්