පාසල් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරමක්
Related Articles
පාසල් සහ උපකාරක පන්ති වලට සහභාගී වන සිසුන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිලිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කිසිවෙකුටත් සැක නොහිතන අන්දමින් පෑන් බටයක් තුල දුම්වැටියක් ඇතුළු කර සිසුන් අතර බෙදා හැරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.
කෙළඹ ගම්පහ කළුතර ඇතුළු නගරාසන්න ප්‍රදේශ වල සිසුන් අතර මෙම සූක්ෂම ක්‍රමය ව්‍යාප්ත කිරීමට ජාවාරම්කරුවන් පියවර ගෙන තිබෙනවා.
රසකැවිලි පැකට්ටුවක් ලෙස පුවක් නමින් පාසල් සිසුන් අතර රුපියල් 10 ක මුදලකට ලෙස අලෙවි කරනු ලබන්නේ ඇත්තේ මෘදු මත්ද්‍රව්‍යයක් බවයි පොලීසිය පවසන්නේ