fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයට සැපයුම් සිදු කිරීම සඳහා මාර්ගයක් විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 09:34

ගාසා තීරයට සැපයුම් සිදු කිරීම සඳහා මාර්ගයක් විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වෙයි

ගාසා තීරයට සැපයුම් සිදු කිරීම සඳහා මාර්ගයක් විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වූ බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

මේ අනුව ට්‍රක් රථ 20ක් දක්වා ප්‍රවාහනය කිරීමට මෙමගින් අවස්ථාව ලබාදීමටයි ඊජිප්තුව එකඟතාව පළ කර ඇත්තේ.

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලයේ සංචාරය කළා.

ඔහු එහිදී කියා සිටියේ මෙම ප්‍රහාරයට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

රෝහලට ප්‍රහාරය එල්ල වීමෙන් පසු දැවැන්ත පිපිරීමක් ද සිදුවුණා.

ඉන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 471 ක්. කෙසේ වෙතත් ඊශ්‍රායලයට මේ පිළිබඳ චෝදනා එල්ල වන අතර ඊශ්‍රායල බලධාරීන් සඳහන් කරන්නේ මෙය තමන් නොව ජිහාඩ් සටන්කාමීන් එල්ල කළ එකක් බවයි.

එසේත් නැතිනම් පලස්තීනය එල්ල කළ රොකට් ප්‍රහාරයක් වැරදීමකින් රෝහල වෙත එල්ල වී එය පුපුරා ගොස් ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ දක්වා ඊශ්‍රායල හමාස් ගැටුම්වලින් ඊශ්‍රායල ජාතිකයින් 1400 ක් හා පලස්තීනුවන් 3500 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2023 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්