ගාලු පාර ජලයෙන් යට වෙයි – රථ වාහන ධාවනයට බාධා
Related Articles
අධික වර්ශාපතනයත් සමඟ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මිරිස්ස නගරය ආසන්නයෙන් ජලයෙන් යටවී තිබෙනවා.
දකුණු පළාතේ අතිශය ජනප්‍රිය සංචාරක පුරවරයක් වන මිරිස්ස නගරය මෙලෙස වැසි ජලයෙන් යටවීමට හේතුව අවිධිමත් කාණු පද්ධතිය සහ අනවසර ඉදිරිකිරීම් බවයි ජනතාව පවසන්නේ.
මෙලෙස ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
එසේම නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් ජලයෙන් යටව පැවතුණු බවයි වාර්තා වන්නේ