ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ නව සභාපතිනී මාරියා ෆර්ඩිනැන්ඩා ගාර්සා මහත්මිය පස්දින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණෙනවා.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය මේ වනවිට ලොව පුරා රටවල් 170ක් නියෝජනය කරනවා.
එය සමාගම් මිලියන 45ක ආයතනික සාමාජිකත්වය ඇති දැවැන්ත සංවිධානයකි.
මෙරටට පැමිණෙන ගාර්සා මහත්මිය ශ්‍රී ලංකාවේ රාජයේ සහ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
ගාර්සා මහත්මිය ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවට දක්වන කැපවීම නිසා ඇයට ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්රමුඛ ස්ථානයක් හිමිවී තිබෙනවා.
රටවල් අතර නිදහස් වෙළදාම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් පිහිටුවා ඇති ජාත්‍යන්තර වාණිජ මණ්ඩල සභාපතිවරයෙකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවයි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති නීතිඥ ඇන්තනී ශනිල් ප්‍රනාන්දු මහතා පවසන්නේ.