fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“එක් තීරයක් එක් මාවතක්” තුන්වන ජාත්‍යන්තර සහ යෝගිතා නායක සංසදය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2023 12:20

“එක් තීරයක් එක් මාවතක්” තුන්වන ජාත්‍යන්තර සහ යෝගිතා නායක සංසදය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

“එක් තීරයක් එක් මාවතක්”තුන්වන ජාත්‍යන්තර සහ යෝගිතා නායක සංසදය චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ බෙයිජිං නුවරදී අද ආරම්භ වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ වුණා.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවා.

“එක් තීරයක් එක් මාවතක්”  වැඩපිළිවෙළ මගින් ක්‍රියාත්මක ඒකාබද්ධ සංවර්ධනය, ඉතිහාසයට මෙන්ම වර්තමානයටද ගැළපෙන සාධාරණ හා යුක්ති සහගත ප්‍රවේශයක් බව ගෙවීගිය දශකය තුළින් පිළිබිඹුවූ බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නා.

උසස් ගුණාත්මක භාවයෙන් යුතු“එක් තීරයක් එක් මාවතක්”සංවර්ධන ක්‍රියාවලියේදී චීනයේ සහයෝගය හිමිවන මෙහෙයුම් අටක් චීන ජනාධිපතිවරයා මෙහිදී ඉදිරිපත් කළා.

මෙම අවස්ථාවට රටවල් රැසක නායකයන්, විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් පිරිසක්ද එක්ව සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසද ඊට ඇතුළත්.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ යනු, විධිමත් සැලසුම් රාමුවක් සහ සැබෑ දර්ශනයක් ඔස්සේ යථාර්ථයක් බවට පත්කෙරෙන පුළුල් ක්‍රියාවලියක්.

මේ යටතේ සන්ධිස්ථානගත ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර ලෝකවාසී ජනතාවට විවිධ ප්‍රතිලාභ අත්කර දෙන ව්‍යාපෘති ඒ අතර කැපී පෙනෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2023 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්