fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එකම පළිබෝධ නාශකය  විවිධ නම්වලින් අධික මිලකට අලෙවි කිරීම වහාම නියාමනය කරන්න

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2023 10:55

එකම පළිබෝධ නාශකය  විවිධ නම්වලින් අධික මිලකට අලෙවි කිරීම වහාම නියාමනය කරන්න

එකම පලිබෝධ නාශකය විවිධ නම් යොදා ගනිමින් වැඩි මිලකට අලෙවි කිරීම නිසා ගොවීන් මහත් පීඩාවට පත්ව ඇතැයි කල්පිටිය ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වහාම නියාමණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් දුන්නා.

පසුගියදා නොරොච්චෝලේ හා කල්පිටියේ ගොවි සංවිධානවල නියෝජිතයින් හමු වූ අවස්ථාවේ දී ගොවි ජනතාව අමාත්‍යවරයාට මෙම ගැටළුව ඉදිරිපත් කළා.

විශේෂයෙන් පළිබෝධ නාශක නම් කිරීමේ දී  වල් නාශක හා කෘමිනාශකවල ඇතුලත් වන නාමයෙහි සියයට 75ක් එහි අඩංගු රසායනික නාමය ඇතුළත් වන සේ නාමකරණය කළ යුතුව තිබෙනවා.

එහෙත් ඇතැම් ප්‍රදේශවල අලෙවි කරන පළිබෝධනාශකවල අඩංගු වන නාමයන් එසේ නොමැති බවත්, බොහෝ පළිබෝධ නාශක වගාවන්ට යෙදුවද නිසි ප්‍රතිඵල නොලැබෙන බවත් ගොවීන් පැවසුවා.

කෙසේ වුවද මෙවැනි පළිබෝධ නාශක පිළිබඳව තොරතුරු වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයට ලබා දෙන ලෙසත්, තත්ත්වයෙන් බාල කෘමිනාශක හා වල්නාශක අලෙවි කරන හා බෙදාහරින ආයතන හා පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කරන බවත්, එවැනි සමාගම් අසදු ලෝඛන ගත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මෙවර මහ කන්නයේ දී සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් පලිබෝධ නාශක අලෙවි කිරීමට කටයුතු යොදන්නැයි අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා.

සාමාන්‍යයෙන් පලිබෝධ නාශක අලෙවි නියෝජිතයෙකුට අදාල නිෂ්පාදන සමාගම් විසින් ලබා දෙන 20%ක වට්ටමෙන් 02%ක් මෙහෙයුම් ගාස්තු වශයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට තබා ගන්නා ලෙසත් ඉතිරි  18%ක වට්ටම ගොවි ජනතාවට සහනයක් ලෙස ලබා දීමට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්.ඒ. එල්. අබේරත්න මහතාට උපදෙස් දුන්නා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2023 10:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්