fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආබාධ සහිත පුද්ගලයින් පිරිසක් පාර්ලිමේන්තුවේ සංචාරයක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2023 05:54

ආබාධ සහිත පුද්ගලයින් පිරිසක් පාර්ලිමේන්තුවේ සංචාරයක

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ද පෙරමුණේ දිවයින පුරා ඒකාබද්ධ සිටින ශ්‍රව්‍ය, දෘශ්‍ය හා ශාරීරික ආබාධ සහිත පිරිසක්  ඊයේ (17) පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ඒ පාර්ලිමේන්තු ක්‍රියවලිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට මෙන්ම පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් මුණ ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මියගෙන් සිදුකළ ඉල්ලීමට අනුවයි.

මෙහිදී පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ, මහජන සේවා අංශය විසින් එම පිරිසට පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකළා.

පසුව මෙම පිරිස, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා හමුවී සුහද සාකච්ජාවක නිරත වුණා.

එහිදී එම පිරිස තම ප්‍රජාවට මුහුණ දීමට සිදුවන ගැටලු හා අභියෝග පිළිබඳ කරුණු ඉදිරිපත් කළා.

එම පිරිස සිහිපත් කළේ ඔවුන්ට අවශ්‍ය වන්නේ සමාජයතුළ විශේෂ අවස්ථා නොව සම අවස්ථා බවයි.

වර්තමානය වන විට ආබාධ සහිත ප්‍රජාවට අවශ්‍ය දේ සැපිරීම හා සම අවස්ථා ලබාදීම වෙනුවෙන් සමාජ තුළ කවරදාටත් වඩා කතිකාවත් නිර්මාණය වීම සුභදායක බව මෙහිදී කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

මේ අවස්ථාව සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී (නීතිඥ) මධුර විතානගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර හා මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක යන මහත්වරුන් මෙන්ම ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ද පෙරමුණේමේ සාමාජිකන් පිරිසක් සහභාගී වී සිටියා.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව එම පිරිස සමූහ ජායාරූපයකට පෙනී සිටි අතර මේ අවස්ථාව සඳහා අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගී සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2023 05:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්