fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ATM යන්ත්‍රයකින් මුදල් සොරා ගත් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2023 05:44

ATM යන්ත්‍රයකින් මුදල් සොරා ගත් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට

මදුරන්කුලිය පෞද්ගලික බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් කෝටියකට වැඩි මුදලක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තුන්දෙනෙකු පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.

පසුගිය 08 වනදා මදුරන්කුලිය පෞද්ගලික බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයකින් රුපියල් එක්කෝටි පන් ලක්ෂ හතලිස් නව දහසක් සොරකම් කර ඇති බවට පුත්තලම පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කෙරුණා.

ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයේදී සැකකරුවන් තුන් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැණුනා.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව සොරකම් කළ රුපියල් අනූ දෙලක්ෂ හැත්තෑ හත් දහසක මුදලක් ඔවුන් ලග තිබී සොයා ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ අවුරුදු 28 /32 සහ 35 යන වයස් කාණ්ඩවල පසුවන්නන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ඒ.ටී.එම් යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සඳහා සහභාගී වන පෞද්ගලික අංශ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2023 05:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්