fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොත්තමල්ලි ගේන මුවාවෙන් ගෙන ආ බීඩි කොළ

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 20:11

කොත්තමල්ලි ගේන මුවාවෙන් ගෙන ආ බීඩි කොළ

නීති විරෝධිව මෙරටට ගෙන්වු බීඩි කොළ කන්ටේනර් දෙකක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ෂණ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ බීඩි කොළ කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් මෙරටට රැගෙනවිත් ඇති බවයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ.

ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබු බීඩි කොළ කිලෝ ග්‍රෑම් 11460ක් මෙසේ සොයා ගැනුනු අතර එහි වටිනාකම රුපියල් මිලියන 70ක්.

බහලුම් දෙකක කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් රැගෙනවිත් තිබු මෙම බීඩි කොළ තොගය නිදහස් කර ගැනීමට ප්‍රකට වෘත්තිකයෙකු ප්‍රබල උත්සහයක් දරා ඇති අතර ඒ පිළිබද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට විශේෂ විමර්ෂණයක් සිදුකරන ලෙස උපදෙස් දුන්බවයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 20:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්