fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුද්ධි කීර්තිසේන මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු කොස්වාඩිය සුසාන භූමියේදී

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 20:00

බුද්ධි කීර්තිසේන මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු කොස්වාඩිය සුසාන භූමියේදී

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකයෙකු, මාධ්‍යවේදියෙකු සහ බුද්ධි බතික් හි නිර්මාතෘ වරයාද වූ බුද්ධි කීර්තිසේන මහතා අභාවප්‍රාප්ත වුණා.

මෙරට බතික් කලාව ජාත්‍යන්තරය වෙත ගෙනයාමට පුරෝගාමී මෙහෙවරක් කළ බුද්ධි කීර්තිසේන මහතා යසෝමා වැනි චිත්‍රපට නිශ්පාදනය කරමින් සිනමා ක්ෂේත්‍රයට ද ඉමහත් මෙහෙවරක් ඉටු කළා.

ඇය ඔබට භාරයි/ සුජාතා නව නිෂ්පාදනය ආදී චිත්‍රපට ද ඔහු නිෂ්පාදනය කළා. ඒ මහතා අභාවප්‍රාප්තවන විට 83 වන වියේ පසුවූවා.
ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වූ බුද්ධි කිර්තිසේන මහතා සිනෙසිටි සිනමා අධිපති ධුරය ද දැරුවා.

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන විශ්වනාත් බුඩී කිර්තිසේන / දර්ශි කීර්තිසේන ඒ මහතාගේ දරුවන් දෙදෙනායි.

අභාවප්‍රාප්ත බුද්ධි කීර්තිසේන මහතාගේ දේහය හෙට පෙරවරුවේ සිට අනිද්දා උදෑසන 09 දක්වා කොළඹ 08 /ලේක් ඩ්‍රයිව් හි 158/3 දරණ නිවසේ තැන්පත් කර තැබීමට නියමිතයි

අනතුරුව අනිද්දා දහවල් 12.00 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ බුද්ධි බතික් හි නිවසේ තැන්පත් කෙරෙනු ඇති.

අවසන් කටයුතු එදින සවස 4.00ට කොස්වාඩිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 20:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්