fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යතුරුපැදි ගන්නවා වගේ බලන්න ගිහින් හොරකම් කරලා

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 13:20

යතුරුපැදි ගන්නවා වගේ බලන්න ගිහින් හොරකම් කරලා

යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් ගොස් යතුරුපැදි සොරකම් කොට අලෙවි කිරීමේ ජාවාරමක නිතරවූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා.

යතුරුපැදි මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා යතුරුපැදි පරික්ෂා කිරීමෙන් පසු සූක්ෂමව යතුරුපැදි පැහැරගෙන ගොස් වෙනත් පුද්ගලයින්ට අලෙවි කිරීම මෙම සැකකරු සිදුකර තිබෙනවා.

මාදම්පේ පොලිසිය කළ වැටලීමකදී / ගල්මුරුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර සොරාගත් යතුරුපැදි 11 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු නමගිය අපරාධකරුවෙකු බවත් ඔහු සිදුකළ තවත් සොරකම් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය පවසනවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 13:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්