fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසල් රෝහලේ සය නිවුන් දරු උපතක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2023 11:36

කාසල් රෝහලේ සය නිවුන් දරු උපතක්

කාසල් වීථිය කාන්තා රෝහලේ දී සය නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.

එම බිළිදුන් හය දෙනාම පිරිමි දරුවන් වන අතර දරුවන් මේ වනවිට දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි කාසල් රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා ප්‍රකාශ කළේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම යුවල වසර 6ක් පුරා දරුවන් නොමැතිවීම හේතුවෙන් ඒ සදහා ප්‍රතිකාරවලට යොමුව සිට තිබෙනවා. ඒ අනුවයි කළල 6ක් මෙම කාන්තාවගේ ගර්භාෂයේ තැන්පත් කිරීම සිදුකර තිබෙන්නේ. මෙම බිළිදුන් හය දෙනා බිහිකර ඇත්තේ හදිසි සිසේරියන් සැත්කමකින්.

සති 26කින් ඔවුන් පිටතට රැගෙන ඇති අතර දරුවන්ගේ බර ග්‍රෑම් 400 ත් 700ත් අතර වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මේ අනුව එම දරුවන් සියලු දෙනාම කෘත්‍රිම ශ්වසනය ලබාදෙමින් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබනවා. ඔවුන් සියලු දෙනා ජීවත් කරවීම සදහා තමන් කැපවීමෙන් ක්‍රියා කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2023 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්