fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ යුද හමුදා මේජර්වරයාගේ බිරිඳ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2023 11:14

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ යුද හමුදා මේජර්වරයාගේ බිරිඳ අත්අඩංගුවට

විදෙස් රැකියා සදහා පිටත්කර හරින බව පවසමින් කළුතර ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ යුද හමුදා මේජර්වරයෙකු හා ඔහුගේ බිරිඳට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.

පුද්ගලයින් විදේශයන්ට යවන බව පවසා මෙසේ මුදල් වංචා කර ඇති යුද හමුදා මේජර්වරයා සහ ඔහුගේ බිරි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි පානදුර උතුර පොලිසිය පවසන්නේ.

එම පොලිස් ස්ථානයට පැමිණිලි 5ක් ලැබී ඇති අතර දෙහිවල ගල්කිස්ස ඇතුළු තවත් පොලිස් ස්ථාන කිහිපයකට ද මෙම මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ පොලිසිය පානදුර ගොරකාන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා මේජර්වරයාගේ බිරිද අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාර යුද හමුදා මේජර්වරයා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරන බවයි පානදුර උතුර පොලිසිය පවසන්නේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2023 11:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්