fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ වාර්ෂික හමුව කොළඹ දී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2023 05:26

ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ වාර්ෂික හමුව කොළඹ දී

2023 ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ වාර්ෂික හමුව කොළඹ දී පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව ඇතුලුව තායිලන්තය, ජපානය, වියට්නාමය, තායිවානය, නේපාලය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව, භූත්නය, පිලිපීනය, නැගෙනහිර ටිමෝරය යන රටවල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් මෙම හමුවට එක්විය.

ආසියාවේ පාර්ලිමේන්තුවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තුළ සමාන ප්‍රවේශයන් ඇති කිරීම සහ විවිධත්වය යන්න් මෙවර එහි තේමාවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගිය වසරේ සිංගප්පුරුවේ පැවති ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ වර්ෂික හමුවේ දී සිදු කළ ආරාධනයකට අනුවයි එය මෙවර කොළඹ දී පැවැත්වුණේ.

එහිදී යුදමය තත්ත්වය ඇතුළු කාන්තාවන්ට එරෙහිව ලොවපුරා මතුව තිබෙන විවිධ වූ හිංසනවලට එරෙහිව නැගීසිටීමේ වැදගත්කම මෙන්ම ලෝකය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නිර්මාණය කිරීම ඔස්සේ මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙසා ලබාගත් ප්‍රතිපත්තිමය තීරණ හා සිදුකළ සේවාවන්ද මෙහිදී සිහිපත් කරමින් විශේෂ ඇගයීමකට ලක්විය.

මෙහි පළමු හමුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවැති අතර එහි සමාරම්භක අවස්ථාව සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජර්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රොමීනා කැතරිනා ප්ලොන්ස්කර්, කමිටු නියෝජ්‍ය සභාපති අංගජන් රාමානාත, ජර්මන් තානාපති, ජර්මානු KAS පදනමේ අධ්‍යක්ෂ ඇන්ඩ්‍රියස් මිචෙල් ක්ලේයින්, එහි වැඩසටහන් කළමනාකරු මේගා ෂර්මා,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන් ද, විදෙස් රටවල් කිහිපයක රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් එක්විය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2023 05:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්