fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලි සහීර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2023 10:01

අලි සහීර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මව්ලානා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද (17) දිවුරුම් දුන්නා.

නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපා හැරීමට එම පක්ෂය ගත් තීරණය නිත්‍යානුකූල බවට අධිකරණය පසුගිය දා තීන්දු කළා.

ඒ අනුව නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහා ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා.

ඒ අනුවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මව්ලානා මහතා අද පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2023 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්