මත්ද්‍රව්‍ය ගන්න අම්මාගෙන් සල්ලි ඉල්ලා කරදර කළ සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කරලා
Related Articles
කිරුළපන ප්‍රදේශයේදී 29 හැවිරිදි එක්දරු පියෙකුට පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 32 හැවිරිදි වියේ පසුවන ඔහුගේ සොහොයුරා කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා තදබල ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටි අයෙකු බවත් ඔහු සිය මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීමත් සමග ඔහුගේ සහෝදරයා මෙලෙස ඔහුගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇණ ඇති බවටත් මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.