fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තඹ /පිත්තල සහ ඇලුමිනියම් නීතිවිරෝධී ලෙස රටින් පන්නන්න හැදුවොත් වෙන දේ

hasiniek
By hasiniek ඔක්තෝබර් 16, 2023 17:25

තඹ /පිත්තල සහ ඇලුමිනියම් නීතිවිරෝධී ලෙස රටින් පන්නන්න හැදුවොත් වෙන දේ

තඹ /පිත්තල සහ ඇලුමිනියම් නීතිවිරෝධී ලෙස රටින් පිටකිරීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ආනයන සීමා හේතුවෙන් පසුගිය කාලය තුළ තඹ / පිත්තල සහ ඇලුමිනියම් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් නීතිවිරෝධී ලෙස ඒවා රටින් පිට කිරීම ඉහළ ගොස් ඇති අතර එය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඇලුමිනියම් / පිත්තල සහ තඹ ආනයන සහ අපනයනකරුවන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම තත්ත්වය හමුවේ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 16, 2023 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්