මොළයේ සැත්කමක් කරද්දී චිත්‍ර අඳිමින් සිටි අපූරු මිනිසා
Related Articles
රෝගීයා නිර්වින්දනයට ලක්නොකර අවදියෙන් සිටියදීම මෙරට රජයේ රෝහලක දී පළමුවරට මොළයේ සැත්කමක් සිදුකර තිබෙනවා.
ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේදීයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් වන මධුෂංක ගෝමස් / රොහාන් පාරිස් යන වෛද්‍යවරුන් මෙම සැත්කම සිදුකර තිබෙනවා.
ලෙවන් කාරියවසම් / විශාඛා කර්නර් යන නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයකුයි ඊට සහාය වී ඇත්තේ.
36 හැවිරිදි පුද්ගලයෙකුගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීම මෙලෙස සිදුකර ඇති අතර ශල්‍ය කර්මය අතරතුර රෝගීයා සමග සන්නිවේදනය පවත්වා ගනිමින් සැත්කම සිදු කිරීම විශේෂත්වයක්.
සැත්කමෙන් පසු රෝගීයා කිසිදු සංකුලතාවකින් තොරව රෝහලින් පිටව ගොස් තිබෙනවා.