මිලියන 94 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට
Related Articles
අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හතරකට අධික තොගයක්, හෙරොයින් කිලෝග්‍රෑම් එකක පමණ ප්‍රමාණයක් සහ හෂීස් කිලෝග්‍රෑම් පහකට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත්තේ.
නාවික හමුදා භාරයට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන අනූ හතරකට (94) අධික බවටයි නාවික හමුදාව අවසන්නේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෛයිමන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය්‍යංශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා