fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සබරගමුවේ ගුරු සේවයට උපාධිධාරින් 877 බඳවා ගන්නවා -සබරගමුව පළාත් ආණ්ඩුකාර

hasiniek
By hasiniek ඔක්තෝබර් 16, 2023 12:54

සබරගමුවේ ගුරු සේවයට උපාධිධාරින් 877 බඳවා ගන්නවා -සබරගමුව පළාත් ආණ්ඩුකාර

සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන රජයේ පාසල් සදහා උපාධිධාරින් 877 දෙනෙකු ශ්‍රී ලංකා ගුරු සේවය සදහා කඩිනමින් බඳවා ගන්නා බව සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනිතීඥ නවින් දිසානායක මහතා සඳහන් කරනවා.

ඒ මහතා වැඩිදුරටත් පැවසූයේ ඊට අදාලව මේ වන විටත් අයදුම්පත් කැඳවා ඇති බවයි.

එම සියලු බදවා ගැනීම් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව සහ කිසිදු බලපෑමකින් තොරව බඳවා ගැනීමට කටයුතු කරන ලෙස සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතාට සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනිතීඥ නවීන් දිසානායක මහතා දන්වා තිබෙනවා.

ඒ අනුව ප්‍රාථමික, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා මෙම ගුරුභවතුන් 877 බදවා ගැනීමට නියමිතයි.

ඒ අනුව ප්‍රාථමික අධ්‍යාපනය, විද්‍යාව, ගණිතය, ඉංග්‍රිසි භාෂාව, ඉතිහාසය, භූගෝල විද්‍යාව, කර්ණාටක සංගීතය, චිත්‍ර, නැටුම් (භාරත), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව,ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණය සදහා විද්‍යාව, ප්‍රංශ භාෂාව, ළමා මනෝ විද්‍යාව හා ආරක්ෂණය, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය,ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා, ප්‍රාසාංගික කලාව, කාර්ය සිද්ධි කළමනාකරණය, ශිල්ප කලා, අභ්‍යන්තර නිර්මාණ කරනය, විලාසිතා නිර්මාණකරනය, ග්‍රැෆික් නිර්මාණකරනය,භූ දර්ශන නිර්මාණකරනය,ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාත්ෂණ අධයනය, පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යනය, ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යනය, වැවිලි භෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යනය, ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යනය, මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යනය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යනය, පේෂ කර්මාන්ත හා ඇගලුම් තාක්ෂණ අධ්‍යනය, ලෝහ සැකසුම්තාක්ෂණ අධ්‍යනය, ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යනය, පරිගණක දෘඩාංග සහ ජාලකරණය,සංචරණය හා ආගන්තුක සත්කාරය,අලෙවිකරණය යන විෂයන් සදහා උපාධිධාරින් සිංහල හා දෙමළ මාධ්‍යන් බඳවා ගනු ඇත.

වයස අවුරුදු 35 නොඅඩු අදාල විෂය ක්ෂේත්‍රයන්හි උපාධිය හිමි ශ්‍රී ලාංකිය පුරවැසියන්ගෙන් මේ සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

සිංහල මාධ්‍ය උපාධිධාරින් සබරගමුව පළාතෙන් පමණක් මීට බදවා ගන්නා අතර දෙමළ මාධ්‍ය ගුරුභවතුන් දීප ව්‍යාප්තව බඳවා ගැනේ.

මෙලෙස දෙමළ මාධ්‍ය පමණක් දීප ව්‍යාප්තව බදවා ගැනීමට හේතු වී ඇත්තේ සබරගමුව පළාත තුල දෙමළ මාධ්‍ය උපාධිධාරින්ගේ හිගය හේතුවෙන් බව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි මහතා සදහන් කරයි.

මෙම සියලු බදවා ගැනිම් පාසල් පාදකව සිදු කරන බැවින් සෑම පත්වීම් ලාභියෙකුම මුල් පත්වීම ලබන පාසලේ අවම වශයෙන් අඛණ්ඩව වසර 8 ක් අනිවාර්යයෙන්ම සේවය කල යුතු අතර එම කාල සීමාවේදී ස්ථාන මාරු හිමිකම් නොලැබේ.

මීට අදාල අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023.11.13 වේ.

https://www.moe.sg.gov.lk යන වෙබ් අඩවියට ප්‍රවේශ වී වැඩි විස්තර ලබා ගත හැකි යි.

hasiniek
By hasiniek ඔක්තෝබර් 16, 2023 12:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්