fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුව අගමැති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2023 11:38

විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුව අගමැති ප්‍රධානත්වයෙන්

ජනතාව,  පාර්ලිමේන්තුව සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වෙමින් කටයුතු කිරීමේ අවස්ථාව තවදුරටත් වැඩිදියුණු කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.

පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පුරවැසියන් සක්‍රීයව සම්බන්ධකර ගැනීමේ විවෘත පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.

රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ආංශික අධීක්ෂණ කාරක සභා තුළින් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් සමග විවිධ දේශපාලන අදහස් දරණ තරුණ කොටස් ඇතුළු මහජනතාවට සම්බන්ධවීමට අවස්ථාව හිමිව ඇති බවයි අජිත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් ගන්නා මෙවැනි ක්‍රියාවලියට සහාය දෙමින් එම අභියෝග ජය ගැනීමේ විශාල වගකීමක් රාජ්‍ය නිලධාරීන්ට ඇති බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2023 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්