fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2023 10:20

අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

අත්බෝම්බයක් සහ සොරකම් කළ රුපියල් ලක්ෂ හතක රත්‍රං භාණ්ඩ සමඟ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අත්බෝම්බයක් පෙන්වමින් ප්‍රදේශවාසීන් බියට පත්කර කොල්ලකෑම් සිදුකර ඇති බවටයි හෙළි වී තිබෙන්නේ.

මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිද ද දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුවන් බවයි පොලිසිය පවසන්නේ.

සොරකම් කළ රත්‍රං බඩු මෙම පුද්ගලයා විසින් බිරිදට ලබාදීමෙන් පසු ඇය ඒවා උකස් කර මුදල් ලබාගෙන ඇති බවට මූලික විමර්ෂණවලින් හෙළිවී තිබෙනවා.

මෙම කාන්තාවගේ දිවුලපිටිය ඉහළමඩම්පැල්ල ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරිමේ දී හෙරෝයින් ග්‍රෑම් 5350ක් ද පොලිසිය සොයා ගත්තා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2023 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්