ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45කින්
Related Articles
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 45ක් තුළ ලබාදීමට පියවර ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා මෙවර අපේක්ෂකයින් 337,956 දෙනෙකු පෙනී සිටියා. දිවයින පුරා මධ්‍යස්ථාන 2,888ක දී විභාගය පැවැත්වුණා.
ජල ගැලීම් වලට ලක්වූ ප්‍රදේශවල දරුවන් සදහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබුණා.
මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ තිහගොඩ අකුරුස්ස හා කඹුරුපිටිය යන ප්‍රදේශවල තවමත් ගංවතුර පැවතීම හේතුවෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට වෙනදාට වඩා අභියෝගවලට මුහුණදීමට සිදුවුණා.
ඒ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඇතැම් මාර්ග තවමත් ජලයෙන් යටව පැවතීම හේතුවෙන්.
අපහසුතා මධ්‍යයේ වුවද සාර්ථකව විභාගයට මුහුණ දුන් බවයි විභාගයට පෙනී සිටි දරුවන් පැවසුවේ.
මේ අතර විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා සාර්ථකවය පැවැත්වීමට හැකිවූ බවයි. කිසිදු ගැටලුසහගත සිද්ධියක් වාර්තා වී නැති බවද ඒ මහතා ප්‍රකාශ කළා.