fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවිස්සාවේල්ල ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 13:13

අවිස්සාවේල්ල ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

අවිස්සාවේල්ල තල්දූව  ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක්  ඔහුගේ දෑත් වලට දමා තිබූ මාංචු කුට්ටමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල සිරකර මරා දැමීමට  උත්සාහ කළ බව කියන අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින්  සැකකරු තුවාල ලබා  මිය ගොස් තිබෙනවා.

ත්‍රී රෝද රථයකින් ගමන්ගත් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි 21 හැවිරිදි තරුණයකු සිද්ධියට අදාළ නඩු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා  ගමන් කරමින් සිටියදීයි  මෙම සිදුවීම වී තිබෙන්නේ.

පොලිස් කොස්තාපල්වරයා  ද අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ අවිස්සාවේල්ල මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි මහේෂ් ධනංජය නැමැත්තෙකි.

ඔහු ඝාතනය සිදු කළ දිනයේදී යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා බවයි සඳහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්