වයස අවුරුදු 17 ක තරුණියක්ව මන්නාරම මහා මාර්ගයක පිහිටි ගරාජයකට රැගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් තරුණයින් තුන් දෙනෙකු මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම තරුණයින් තිදෙනා පසුගිය 12 වෙනිදා මාරුවෙන් මාරුවට දැරිය දුෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අවස්ථාවේ එම දර්ශන ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කිරීමක් හා ඡායාරූප ගැනීමක් ද සිදු කර තිබෙනවා.
ඒවා එම තරුණයිගේ ජංගම දුරකථනවල තිබී හමුවූ බවයි පොලීසිය ප්රකාශ කළේ.
එම තරුණයින් තුන් දෙනා මන්නාරමේ පෙරියකාමම් ප්රදේශයේ පදිංචි පුද්ගලයින්.
ඔවුන් වයස අවුරුදු 17,18 හා 23 යන වයස් වලට අයත් තරුණයින් බවයි සදහන් වන්නේ.
ඉන් ප්රධාන සැකකරු ගරාජයක සේවය කරන වයස අවුරුදු 23 ක තරුණයෙක් වේ.
ඔහු කීප වරක්ම තරුණිය දූෂණයට ලක් කොට තරුණිය ළග තිබූ රුපියල් 2000ක මුදලක් ද කොල්ල කා ඇති බවයි අණාවරනය වී තිබෙන්නේ.
බරපතල ලෙස සමූහ දූෂණයකට ලක් වූ තරුණිය ප්රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
කෙසේ වෙතත්, තරුණිය තවමත් රෝහලේ ප්රතිකාර ලබන අතර සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය විසින් කටයුතු කළා.