STEAM අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහනේ නියමු වැඩසටහන සාර්ථකව නිමා වෙයි
Related Articles
අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම සහ ජාතික අධ්‍යාපන ආයතනය එක්ව සංවිධානය කරන ලද STEAM අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහනේ නියමු වැඩසටහන ඔක්තෝම්බර් 12, 13, සහ 14 යන තෙදින පුරා පැවති අතර එහි සමාප්ති උත්සවය ඊයේ (14) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දී පැවැත්වුණා.
මෙම නියමු වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් දිවයින පුරා ජාතික පාසල්වල 12 ශ්‍රේණියේ විද්‍යා හා ගණිත විෂයන් ධාරාවන් හදාරන සිසුන් 500ක් සහ ගුරුවරුන් 50ක් සහභාගී වී සිටියා.
එම වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC ), ශ්‍රී ලංකා බයෝ තාක්ෂණ ආයතනය (SLIBTEC ), NSBM හරිත සරසවිය, කොළඹ වරාය නගරය සහ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.
විවිධ මට්ටම් වලින් සැබෑ ලෝකයේ සංකල්පයන් ක්‍රියාක්මක වන ආකාරය STEAM විෂයන් ඔස්සේ නිරීක්ෂණය කිරීමේ මහඟු අවස්ථාව මෙම වැඩසටහන තුළදී සිසුන්ට උදා වුණා.
විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය යන විෂයන් කලාව (සෞන්දර්ය විෂයන්) සමඟ ද ස්පර්ෂ කරමින් ස්වාභාවික සංකල්පයන් තුළට ප්‍රායෝගිකව ගලපා ගනිමින් නවෝත්පාදන බිහිකිරීමට, නව දැනුම උත්පාදනයට යොදාගැනීම වෙනුවෙන් පාසල් සිසුන් තුළ උද්යෝගයක් ඇති කර වැඩි පිරිසක් සඳහා යොමු කිරීම STEAM අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණයි.