fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිසංවර්ධනය කරන ලද ඔඩ්ඩුසුඩාන් කූලාමුරිප්පුකුලම් වැව ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 10:39

ප්‍රතිසංවර්ධනය කරන ලද ඔඩ්ඩුසුඩාන් කූලාමුරිප්පුකුලම් වැව ජනතා අයිතියට

දේශගුණ විපර්යාස වාරිමාර්ග කෘෂිකර්ම ව්‍යාපෘතිය CSIAP යටතේ නවීකරණය කරන ලද ඔඩ්ඩුසුඩාන් කුලාමුරිප්පුකුළම් වැව ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (14) සිදු කෙරුණා.

මේ සඳහා එම ව්‍යාපෘතිය විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 50ක්.

වැවෙහි කණ්ඩිය මුළුමනින්ම අලුත්වැඩියා කර ඇති අතර අලුත් සොරොව්වක් ද ස්ථාපිත කර තිබෙනවා.

මෙම වැව යටතේ වගා කරන කුඹුරු ප්‍රමාණය අක්කර 270ක්.

එමගින් එම ප්‍රදේශයේ කුලාමුරිප්පු ප්‍රදේශයේ ගොවී පවුල් 100කට  ගොවිතැන සඳහා ජල පහසුකම් ලැබෙනවා.

මෙම වැව යටතේ ඉදි කරන ඇල මාර්ග පද්ධතිය නවීකරණය සඳහා තවත් රුපියල් මිලියන 20ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගන්නා බව මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

එමෙන්ම ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය මගින් ආරම්භ කර ඇති ලොකු ලූණු වගාවක් හා ගස්ලබු වගාවක් ද කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්