fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුරුවරුන්ට පැනවෙන උපකාරක පංති තහනම

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 13:20

ගුරුවරුන්ට පැනවෙන උපකාරක පංති තහනම

නැගෙනහිර පලාතේ පාසල් වල සේවය කරන ගුරුවරුන්ට තහනමක් පනවා තිබෙනවා.

ඒ තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කරමින්.

ඒ සම්බන්ධයෙන් පලාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍ර ලේඛය මගින් මෙම නියෝග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට,විෂය සම්බන්ධීකාරකවරැන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට බලය පවරා තිබෙනවා.

මෙම නියොග කඩ කරන ගුරුවරුන් සම්බන්ධයෙන් දෙමව්පියන් පැමිණිලි කළ හැකිය.

ඒ අනුව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකයට හෝ පැය 24 පුරා ක්‍රියාත්මක ආණ්ඩුකාර මහජන පැමිණිලි කාර්යාංශයේ 0267500500 යන දුරකතන අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කල හැකි ය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 13:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්