fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස පවුල් 244 ක් ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 05:14

මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස පවුල් 244 ක් ඉවත් කෙරේ

පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ නායයාමේ අවදානමක් මතුවී ඇති බැවින් කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස සහ ඒ ආසන්න ප්‍රදේශයේ පවුල් 244 ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව පදිංචි ස්ථානවලින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.

කොස්ලන්ද මීරියබැද්ද පවුල් එකසිය හතළිස් හතරක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවටද මහකන්ද පවුල් විසිතුනක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවටද දිවුල්ගසමුල්ල පවුල් අසූ එකක් කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද තාවකාලිකව ඉවත් කළ බවයි ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රකාශ කළේ.

රාත්‍රියේ කරුවල සමග වන අලි ගැවසීම නිසා මහා කන්ද වත්ත ප්‍රදේශයේ පවුල් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේදී සුළු බාධා එල්ලවී ඇති බව ද ආපදා සහනනිලධාරීහු පවසනවා.

මෙම කඳවුරු වල මේ වන විට පුද්ගලයින් 768 දෙනකු සිටින බවද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය වැඩිදුරටත් පැවසීය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 15, 2023 05:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්