fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවය ඇරඹේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 19:52

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවය ඇරඹේ

ඉන්දු ශ්‍රී ලංකා මිතුදම තවත් තර කරමින් ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව ආරම්භ කෙරුණා.

ඒ අනුව ඉන්දියාවේ චෙරියපාණී මගී යාත්‍රාව අද පෙරවරුවේ කන්කසන්තුරේ වරායට ළගා වුණා. මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ දෙරටේ රාජ්‍ය නායකයින්ද එක් වුණා.

ඉන්දියාවේ නාගපට්නම් හි දී මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සූම් තාක්ෂණය හරහා සම්බන්ධ වුණා. මගීන් පනස් දෙනෙකු මෙම ගමනට එක්ව සිටියා.

කන්කසන්තුරේ වරාය වෙත පැමිණි මෙම පිරිස හා නෞකාවේ කාර්ය මණ්ඩලය පිළිගැනීමේ අවස්ථාවට  නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන් එක්ව සිටියා.

ඉන්දීය නැව් සංස්ථාවට අයත් මීටර් 35 ක් දිග මෙම යාත්‍රාවෙන් මගීන් 150 දෙනෙකු රැගෙන යාමේ හැකියාව පවතිනවා.

නාගපට්නම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය 4 ක පමණ කාලයක් ගත වනවා.

එක් ගමන් වාරයක් සදහා රුපියල් විසිහය දහස් හත්සිය පනහක් වැය වනවා. එක් මගියෙකුට කිලෝග්‍රෑම් පනහක් බර භාණ්ඩ රැගෙන යා හැකියි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 19:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්