මත්පැන් පානය කරමින් සිටිය දී පුද්ගලයෙකු සිප ගැනීමට ගොස් ජීවිතය අහිමි වූ පුවතක් පිළිබඳව පුවතක් දුන්ගල්පිටිය ප්රදේශයෙන් වාර්තා වේ.
මිය ගිය පුද්ගලයා ඉකුත් 8 වැනි දින සවස් කාලයේ බීමතින් තවත් පුද්ගලයෙකු සිප ගැනීමට ගොස් තිබෙනවා.
එයට කෝප වූ පුද්ගලයා සිප ගැනීම සිදු කිරීමට ගිය පුද්ගලයාට අතින් පයින් පහර දී ඇත.
එහිදී බිම ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි දැක්වෙන්නේ.
මෙලෙස මිය ගිය ඔහු උඩ පිටිපන ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.