ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
Related Articles
ඉහළ කොත්මලේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (13) දින රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාවත් හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටුවක් ස්වයංක්‍රියව විවෘත වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පවසනවා.
එම ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලි වලද ඇද හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා.