ජීප් රථයේ දොර හයියෙන් වැසුවා යැයි ලාන්ස් කෝප්‍රල්ගේ කන පැලූ මේජර් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 06:30

ජීප් රථයේ දොර හයියෙන් වැසුවා යැයි ලාන්ස් කෝප්‍රල්ගේ කන පැලූ මේජර් අත්අඩංගුවට

ජීප් රථයේ දොර හයියෙන් වැසුවා යැයි උරණ වී ලාන්ස් කෝප්‍රල්වරයා ගේ කනට පහරදී බරපතළ තුවාල සිදු කළ රත්මලාන බොරුපන කඳවුරේ දෙවන අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන මේජර්වරයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි .

එම පහරදීමෙන් තුවාල ලැබුවේ (ලාන්ස් කෝප්‍රල්) රියදුරකු ලෙස කටයුතු කරන ඇල්පිටිය බටුවන්හේන පදිංචි වරුන ක්‍රිෂාන්ත නමැති 36 හැවිරිදි එක්දරු පියෙකි .

බොරුපණ කඳවුරේ සිට ජීප් රථයෙන් පානදුර මාලමුල්ල ප්‍රදේශයේ එම කඳවුරේ දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන මේජර්වරයා ගේ නිවසට ඉකුත් මස 26 වෙනි දින රාත්‍රී ඇරල විම සඳහා පැමිණ තිබූ ලාන්ස් කෝප්‍රල් වරයා යලි කදවුර කරා පිටත්වීම සඳහා ජිප් රථයේ දොර වහනවත් සමඟම” බැහැලා වරෙන්” යැයි කෝප්‍රල් වරයාට කතාකර තිබූ මේජර් වරයා “උඹ දොර හයියෙන් වැහුවේ ඩෝන් කෙයාර් එකටද කියා අසා ඇති අතර, කෝප්‍රල් වරයා නැහැ සර් යැයි පැවසීමත් සමඟම ” මේජර් වරයා දකුණතින් වැරෙන් ඔහුගේ වම් කනට දෙපාරක් පහර එල්ල කර තිබූ බව  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 06:30