fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජර්මනියේ දී සංක්‍රමණිකයන් රැගත් වෑන් රථයක් පෙරළීමෙන් 7 දෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 15:53

ජර්මනියේ දී සංක්‍රමණිකයන් රැගත් වෑන් රථයක් පෙරළීමෙන් 7 දෙනෙකු මරුට

ජර්මනියේ දී සංක්‍රමණිකයන් රැගත් වෑන් රථයක් පෙරළීමෙන් 7 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඕස්ට්‍රියා අංක තහඩු සහිත මෙම වෑන් රථයේ පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසක් ගමන් කරමින් සිටිය දී එය පෙරළි ගොස් ඇත්තේ.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් එම රථයේ රියදුරු සහ මිනිස් ජාවාරම්කරු දිවි ගලවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරෙන් මිය ගිය අය කුමන රටකට අයත් වුවන් ද යන්න මෙතෙක් කරුණු හෙළි වී නැහැ.

වෑන් රථය ඔස්ට්‍රියාව සහ ජර්මනිය අතර දේශසිමාව ආසන්නයේ දී පොලිසිය මග හැර යාමට උත්සහ කිරිමේ දී අනතුරට ලක්ව ඇති බවයි සදහන් වන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්