fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අක්ෂි රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්න

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 15:46

අක්ෂි රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්න

අක්ෂි රෝගයක් පැතිර යාම හේතුවෙන් යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ පන්ති කාමරයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

සිසුන් පිරිසකට අක්ෂි රෝගය වැළඳීම සැලකිල්ලට ගනිමිනුයි  මෙම පියවර ගෙන තිබෙන්නේ.

එම පන්ති කාමරයේ සිසුන් 13 දෙනෙකුට අක්ෂි රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති අතර රෝග ව්‍යාප්තිය පාලනය කිරීම හා සෙසු ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම පන්ති කාමරයේ සියලු සිසුන්ට නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබුණා.

දරුවන් අතර පැතිර යන අක්ෂි රෝගයක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් මේ දිනවල වාර්තා වන නමුත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වැළකි සිටීමට මව්පියන් පියවර ගත යුතු බවද සෞඛ්‍ය අංශ පවසනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 15:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්