fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු කොරියාවෙන් චීනයට චෝදනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 15:26

දකුණු කොරියාවෙන් චීනයට චෝදනා

උතුරු කොරියාවෙන් පලාගිය විශාල පිරිසක් චීනය විසින් බලහත්කාරයෙන් ආපසු යවා අති බවට දකුණු කොරියාව චෝදනා කරනවා.

උතුරු කොරියානුවන් 600ක් පමණ ආපසු හරවා යවා ඇති බවට මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරනවා.

පළා ගිය කාන්තාවන්ට උතුරු කොරියාවේදී නැවත වරක් සිරගත කිරීම්, ලිංගික හිංසනය හෝ මරණයට පවා මුහුණ දිය හැකිබවයි දකුණු කොරියාව පවසන්නේ.

උතුරු කොරියානුවන් සිය ගණනක් ට්‍රක් රථවල පටවා රැදවුම් මධ්‍යස්ථානවලින් උතුරු කොරියාවට යවා ඇති බව වාර්තා වනවා.

උතුරු කොරියාවේ මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සදහන් කර ඇත්තේ අනවසරයෙන් දේශ සීමා තරණය කිරීම හේතුවෙන් උතුරු කොරියානුවන් දෙදහසක් පමණ චීනයේ රඳවා සිටින බවයි.

උතුරු කොරියාවෙන් පළා යන අයට සරණාගත තත්ත්වය ලබා දීම හෝ දකුණු කොරියාව ඇතුළු වෙනත් රටවල ආරක්ෂාව සලසා දෙන ලෙස මානව හිමිකම් සංවිධානය චීනයෙන් ඉල්ලා තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2023 15:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්