රාජපුර පංචබල දියවැඩියාව චූර්ණය එළිදක්වයි
Related Articles
වසර දෙකකට පසු සංශෝධනය කර සම්මත කර ගත් ආයුර්වේද පනතට කතානායකවරයා අත්සන් තැබූ බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.
මේ අනුව එම පනත බලාත්මක බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
සිසිර ජයකොඩි මහතා මේ බව සදහන් කළේ මොනරාගල, සිරිගල, රාජපුර ආයුර්වේද නිෂ්පාදන ආයතනයේ නවතම නිශ්පාදනයක් හදුන්වාදීමේ උත්සවයට සහභාගී වෙමිනුයි.
එම ආයතනයේ වෛද්‍ය සුමිත් රාජපුර මහතා විසින් දියවැඩියා රෝග පාලනය සදහා මෙම ඖෂධය නිපදවා තිබෙනවා.
රාජපුර පංචබල දියවැඩියා චූර්ණය නමැති මෙම ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවයි සුමිත් රාජපුර මහතා පැවසුවේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිතයන් වෙත ඒ මහතා අතින් අදාළ ඖෂධ නිෂ්පාදනය පිළිගැන්වීම සිදු කෙරුනා.