වවුනියාව පෙරියකාට්ටු ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධන කිරීම අරඹයි
Related Articles
2024 වසරේදී සෑම දිස්ත්‍රික්කයකම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානය බැගින් එක් ගමක් තෝරා ගෙන සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අද දින පෙරවරුවේ වවුනියාව පෙරියකාට්ටු ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කිරීමේ උත්සවයට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන මැති ඇමතිවරු මෙන්ම රජයේ නිලධාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ ප්‍රදේශයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම, සත්ව නිෂ්පාදන සඳහා ගොවීන්ට අවශ්‍ය පශු සම්පත් ලබා දීම, කෘෂි උපකරණ සහ බීජ හා පැළ ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ මෙම වසර තුළ ගම්මාන 11ක් සංවර්ධනය කෙරේ. ඒ සඳහා මේ වන විට වැය කර ඇති මුදල රුපියල් මිලියන 3000 ඉක්මවා තිබේ.
මෙම වැඩපිළිවෙල අනුව තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය කෘෂිකාර්මික පහසුකම් ලබා දීම ද සිදු කෙරේ.
මෙම අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති එම ගොවීන්ගේ කැමැත්ත පරිදි ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දෙන බවයි.
රජය හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය කිසිදු අයුරකින් ඒ සඳහා බලපෑම් නොකරන අතර, තරුණ ගොවි ප්‍රජාවට තමන්ගේ හැකියාවන් අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබා දෙන බවත් අවධාරණය කළේය.
මෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ සිටින ගොවි ජනතාවගෙන් 80%ක්ම අවුරුදු 50 ඉක්මවූ වැඩිහිටියන් වන අතර, මෙරට කෘෂිකාර්මික අංශයට තරුණ ප්‍රජාවගේ දායකත්වය ඇත්තේ 20%ක් බවද, එම තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම වැඩපිළිවෙල ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.