අභිරහස් ලෙස මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් හමුවෙයි
Related Articles
තුවාල සහිතව අභිරහස් ලෙස මිය ගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් අද (13) දින හමු වී තිබෙනවා.
කාසල්රි ජලාශයට ඉහලින් වු කාසල්රි ලෙදන්ටි වතු යායේ තේ වත්ත මැද පිහිටි ලදු කැලැවක අභිරහස් ලෙස මිය ගොස් සිටින කඳුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතු යායේ කම්කරුවන් විසින් ලබා දුන් තොරතුරක් මත සිරුර සොයා ගත් බව හැටන් පොලිසිය පවසනවා.
සිරුර සම්බන්දයෙන් නල්ලතන්නිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරිමට පියවර ගත් බව හැටන් පොලිසිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසිය.