පිටකොටුව කරවල තොග වෙළෙඳසැල් 33 කට එරෙහිව නඩු
Related Articles
පිටකොටුව ප්‍රදේශයේ කරවල තොග වෙළෙඳසැල් පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කෙරුණා.
එහිදී වෙළෙඳසැල් 33 කට එරෙහිව නඩු පැවරීමට පියවර ගත්තා.
කරවල ආනයනය කරන්නන් හෝ මෙරට නිෂ්පාදනය කර බෙදා හරින්නන් පිළිබඳව තොරතුරු සටහන් නොකිරීම මෙන්ම මිල ගණන් ඇතුළු අනෙකුත් තොරතුරු ඇසුරුම්වල සඳහන් නොකිරීම හේතුවෙනුයි මෙම නීතිමය පියවර ගෙන තිබෙන්නේ.
පරිභෝජනයට නුසුදුසු කරවල හා හාල්මැස්සන් අලෙවි කළ ස්ථාන කිහිපයකට එරෙහිවද නීතිමය පියවර ගත්තා.