පරිසර අමාත්‍යාංශය ජනපති යටතට
Related Articles
මන්ත්‍රීකම අහිමිවූ නසීර් අහමඩ් මහතාගේ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන තිබෙනවා.
මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.
ජනාධිපතිවරයාගේ නියමය පරිදී ජනාධිපති ලේකම්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහිමිවුණා. ඔහු වෙනුවට අලි සහීර් මව්ලානා මහතාගේ නම මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශයට පත්කළා.