මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව සිදුකරන නවෝත්පාදන හා පර්යේෂණ වාණිජකරණය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යංශය මුලිකත්වයෙන් , විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන රැසකගේ සහයෝගයෙන් ආරම්භ කර ඇති වැඩසටහනේ 3 වන අදියර ඊයේ (12) කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතාගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
මෙහිදී විවිධ පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල විසින් සිදු කළ රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ ආශ්‍රිත නව නිපැයුම් හා පර්යේෂණ 47 ක් එළි දැක්වු ලද අතර මීට පෙර මෙම වැඩසටහන යටතේ ආහාර ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය සහ රබර්, ප්ලාස්ටික් හා ෆයිබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළ නවෝත්පාදනයන් රැසක් වාණිජකරණය කිරිමට අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.
රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ පිළිබඳ මෙරට පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල විසින් නව නිපැයුම් සිදු කර තිබුන ද එය නිෂ්පාදන ලෙස වාණිජකරණයවීම සිදුවන්නේ ඉතාමත් සූළු වශයෙනි.
එම නිසා කර්මාන්ත අමාත්‍යාංශය විසින් කර්මාන්ත ක්ෂේත්‍රයේ වානිජමය අවශ්‍යතාවයන් ඉටුකරමින් රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ ආශ්‍රිත නිෂ්පාදන අංශයට අයත් පර්යේෂණ හා නව නිපැයුම් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් වාණිජකරණය කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණා.
මෙමගින් රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ ආශ්‍රිත නවෝත්පාදනයන් එම නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් හා සම්බන්ධ කරමින් රුපලාවන්‍ය, රෙදිපිලි හා ඇගළුම්, පාවහන් හා සම්භාණ්ඩ, ඖෂධ නිෂ්පාදන අංශයන්හි කාර්‍යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිවන අයුරින් වාණිජකරණයට ලක් කොට අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ අපේක්ෂාව වෙයි.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ රටක් ලෙස ඉදිරියට යාමට නවෝත්පාදන හා පර්යේෂණ වැදගත් වන අතර ලංකාවේ මේ වන විට කර්මාන්ත අංශය හා පර්යේෂණ අංශය අතර පරතරයක් පවතින බවත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය සලකා බලා එම පරතරය පියවීමට කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි.
එමෙන්ම ව්‍යවසායකයන්ගේ ගැටළු ලබන වසරේ දී පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල පර්යේෂකයන් වෙත මෙලෙසම ඉදිරිපත් කිරීමටත් ඒ හරහා ජාතික ආර්ථිකට කර්මාන්ත කේෂ්ත්‍රයේ දායක්තවය වැඩි දියුණු කිරීමත් අරමුණු කොටගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මැතිනිය, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිළධාරින්,විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්, තාක්ෂණික කමිටු සභාපති රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය L.B ලහිරු ප්‍රබෝධ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති G.A.S ප්‍රේමකුමාර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති කිංස්ලි බර්නාඩ්, ජාතික ව්‍යවසාය සංවර්ධන ධන අධිකාරියේ සභාපති ලසන්ත ප්‍රියදර්ශන කාරියප්පෙරුම, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග, රෙදිපිළි හා ඇගළුම් උපදේශක කමිටු සභාපති හේමන්ත පෙරේරා, රූපලාවණ්‍යය උපදේශක කමිටු සභාපති සමන්ත කුමාරසිංහ, පාවහන් සහ සම්භාන්ඩ උපදේශක කමිටු සභාපති P. G. D නිමල්සිරි, ඖෂධ පිළිබඳ උපදේශක කමිටු සභාපති සිරිමල් ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියා.